Chrome + Linux (pArt 1)

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 25

System->Administration->Software Sources ගිහින් Third Party Software tab එකේ deb http://wine.budgetdedicated.com/apt hardy main කියල කොටන්න, ඊටපස්සෙ ඇහුවාම reload කොරන්ට කියල දෙන්ට. ඊට පස්සේ package manager එකෙන් wine දමාගන්ට.

මෙන්න කොමාන්ඩ් ලයින් එකෙන් දාන හැටි

/etc/apt/sources.list එකයි එඩිට් කරගන්ට ඕනෙ

sudo gedit /etc/apt/sources.list

ඊට පස්සෙ මේ ලයින් ටික කොටන්න

deb http://wine.budgetdedicated.com/apt hardy main

source list file එක මේ කොමාන්ඩ් එකෙන් අප්ඩේට් කරගන්ට

sudo aptitude update

wine Install කොරන්ට මේක කොටන්න

sudo aptitude install wine

කමෙන්ට්ස්

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 2

මම හිතන්නේ මෙදා තමයි මගේ බ්ලොගයකට එක දවසක වැඩියෙන්ම කමෙන්ට්ස් ලැබුනු දවස. ඒක නිසා ගොඩක් එව්වට රිප්ලයි කරන එක ප්‍රායෝගික නෑ. දෙක තුනකට කලා. ඒත් තව ගොඩක් තියෙනව. (මේල්ස් 130ක් ඇවිල්ල ) සොරි වෙන්න ඕනෙ තමන් පුරස්නයක් අහල උත්තර නැත්නම්.. කරුණාකරල මට කෙලින්ම යොමු කරන්නකො.. එතකොට ගොඩ

මේ වතුර ගහන හැමෝටම බොහොම පිං

මම අකැමැති දේවල්

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 3

ගයාන් කල්හාර අකමැති දෑ

අන්තිමට ලියන්න දෙයක් නෑ. මංගැනම ලියනව මිසක්. කාටහරි දවසක මංගැන පත්තරේකට එහෙම ලියනකොට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි නෙ ? (ඒ නැතත් කාට හරි මං කැමැති අකමැති දේවල්දැනගන්න ඕනෙ නම් ;) තේරෙනෙවනෙ මම කියන්න කවුද කියල )

මුලින්ම අකමැති දේවල් කියමු, හැබැයි මෙතන පිලිවෙලක් කියල නෑ. හිතට එන පිලිවෙලට

1 ගූගල් භාවිතා නොකර වද දෙන උන්
2 ප්‍රොප්‍රයිටරි Softwares
3 98% කෙල්ලන්
4 ඩයල් අප්
5 කෙල්ලොන්ටත් අන්ත කොල්ලො
6කිසි දේකට උත්සාහ කරන්නෙ නතුව ඔක්කොම සමාජෙට ඕනෙ විදියට කරන අය
7කෑම
8නිදා ගැනීම
9වැඩ කරනවිට කල් දැමීම
10වැඩ කරන විට රෑ දවල් වෙනස
11 GUI එක මත පමනක් රැඳීම
12 වින්ඩෝස් සියල්ල යැයි සිතීම
13උගන්වන දේ මත රෑඳීම.
14විභාග
15මස් (කිසි දා කටේ තියා නැත,)
16මූනුපොත
17තාර්කික නොවන දෑ
18තේරුමක් නැති බොරු වැඩ
19කොලරය සහිත ටීශර්ට් හා සාමාන්‍ය කලිසම් හා සරම හැර අන් සියලු විච්චූරණ ඇදුම්
20මිස්කෝල්/SMS මාත් එක්ක වැඩ කරන උන් දන්නව, මාව තරහ කරගන්න ඕනෙ නම් කරන්න ඕනෙ මිස් කෝල් ගහන එක කියල

Office 2007 With Wine (part 2)

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | No Comment

හරි දැන් සීඩී එක දාල, සාමාන්‍ය විදියට office සෙටප් කරන්න.සීරියල් කී එක තියනවනම් දෙන්න, (අපි නම් හොර කොපි :P )

install

installation එක පටන් ගන්න නම් ටිකක් වෙලා යනව 0% තියනව විනාඩි 4-5ක් ඊට පස්සෙ අවුලක් නෑ..

===============================

දැන් වැඩේ ඉවර වෙන්න ලඟයි, කෑවනම් බිව්වනම්, පිරිසිදු කරන්ට එපාය.. මෙන්න මෙහෙම කරන්නම ඕනෙ

(~/.wine/drive_c/windows/system32/) යන්ට

අර කලින් ඩවුන්ලෝඩ් කරාපු rpcrt4.dll. එක ඩ්ලීට් කරන්න

Rename rpcrt4.bak back to rpcrt4.dll.

ආපහු winecfg ගිහින් අර දාපු rpct4 override එක ඩ්ලීට් කරන්ට

ස්ටෙප් 1 එකේදි වෙනස් කරපු Windows Version එක ආපහු Windows XP. කරන්න

ඔන්න දැන් වැඩේ හරි Applications->Wine->Programs->Microsoft Office ගිහින් පාවිච්චි කරන්න පුලුවන්

office 2007 with wine

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | No Comment

ඔන්න මම අපේ ගොඩක් අයට අතාරින්න බැරි දෙයක් වන Office 2007 එක උබුන්ටුවල වයින් වලින් දමන හැටි තමා කියල දෙන්නෙ..

මුලින්ම ඉතින් සුපුරුදු පරිදි වයින් දමා ගන්න ඕනෙ, දන්නෙ නැත්නම් කලින් පොස්ට් එක බලන්න, නැත්නම් www.winehq.org එකට යන්ට

ඒක දමා ගත්තට පස්සෙ ඒක කොන්ෆිග් කරන්ට ඕනෙ.
මෙන්න මෙහෙමයි

එක්කො Applications->Wine->Configure Wine

1 නැත්නම් ටර්මිනල් එකේ winecfg කියල කොටන්න

එතකොට එන බොක්ස් එකේ තමා මේ,වර්ශන් �ේරීම

Application Tab එකේ Windows Version එක Vista කියල හදන්න

ඊට පස්සේ

2 Drivers ටැබ් එකේදි සීඩී රොම් එකෙ ලෙටර් එක assign කරන්න

driver

3 දැන් ඔෆිස් දුවන්න පුලුවන් පරිසරයට කෑලි බෑලි එක් කරන්න ඕනෙ, ඒකට, winetricks දමාගන්න ඕනෙ, මෙන්න මේ ලයින් එක ටර්මිනල් එකේ කොටන්න, එතකොට හරි

sh winetricks msxml3 dotnet20 gdiplus riched20 riched30 vcrun2005sp1

මේකෙන් ඉබේම

Microsoft XML Parser
Microsoft .NET Framework 2.0
Microsoft PowerPoint Viewer 2003
Microsoft Visual C++ 2005 SP1

install වෙයි ඉවර උනාම පේන්නෙ මෙහෙමයි

winetrickoverscr

4, : ~/.wine/drive_c/windows/system32/ ඩිරෙක්ටරියට යන්ට

5, මුලිනම් backup එකක් හදා ගන්න ඕනෙ .dll ෆයිල් එකේ ඊට පස්සෙ rename rpcrt4.dll to rpcrt4.bak

6, Download a new version of rpcrt4.dll ඊට පස්සෙ Wine system32 folder එකට දාන්න (4වෙනි පියවරේ)

7. ආපහු Wine Configuration tool එක අරන් (ඉස්සෙල්ලම කිව්ව එක ) New override for library field එකේදි rpcrt4.dll දාල ADD ක්ලික් කරන්න

wlib

මැරතන් ජය

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 7

දැන් පෝස්ට් ඇතිද මංදා.. පෝස්ට් 87ක් දාල තියෙනවා,, තව පැය 3කුත් තියෙනවනේ.. මම හිතුවෙ කට්ටිය දුවයි කියල.. කෝ නෑ නෙ..

නිතරගයෙන් ජය. පිස්සාට. පිස්ස අපිට අපි පිස්සට

ඔන්න දිනුවොත් මට මොඩෙම් එකක් හරි ස්ක්‍රීන් ෆිල්ටරයක් හරි අරං ඕනෑ

කෝ ටෙක් කතා

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | එක් ප්‍රතිචාරයක්

ටෙක් කතා අහන්න බෑ නෙ. සර්වර් එක කනෙක්ට් වෙන්නෙ නෑ නෙ
What 2 do ?

තාරගුලි සමග වැඩ කිරීම tar.gz FIles

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | එක් ප්‍රතිචාරයක්

අද උදේ ටෙක්කතා අහං ඉන්නකොට ඇහිච්ච එකක් තමයි මේ තාර ගුලි.. ඔන්න කමාන්ඩ් ලයිනයෙන් තාරගුලි විහිදුවන්නේ මෙහෙමයි

ලෙස හෝ ලෙස තිබුනාට ගණන් ගන්න එපා. දෙකම එකයි

මේ තාර ගුලි දෙකටම එකම විදියට සලකමු

tar -zxvf ගොණුව.tar.gz

ගොඩක් විට පැකේජ් මැනේජරයෙන් (ආකයිව් මැනේජරයෙන්) මේක ඩබල් ක්ලික් කරල කරන්න පුලුවන්. ඒත් අපිට ලේසි මෙහෙමයි

කමාන්ඩ් ලයිනයේ මනුස්සකම.

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | ප්‍රතිචාර 2

ලිනක්ස් කමාන්ඩ් ලයිනය භාවිත කරන අපට හැම විදානයම ක්‍රියාකරන ආකාරය මතක තබාගැනීමට අපාසුයි නේද ?
මෙන්න කමාන්ඩ්ලයිනය මනුස්සකමෙන් යුතුව අපට උදව් කරනවා..

ඇවැසි කමාන්ඩය ඉදිරියෙන් man යොදන්න.. එවිට සියල්ල ඔබ ඉදිරිපිට..

කරනා දේ හරියට දන්නේ නැත්නම් සෙවිය හැකියි. උදා : මට කොපි කිරීම දැන් ගන්න ඇවැසි නම්

man -k copy

ලෙස යොදන්න.. හරිම සිම්පල් මනුස්සකමක්

සින්ඩියේ අලයක් වාගෙ

Posted on අප්‍රේ 18, 2009 under වර්ගීකරණය නොකළ | No Comment

සින්ඩියේ අලයක් වාගෙ. මම උදේ දාපුව නෙ දැන් වැටෙන්නෙ.. හෆොයි. යස අගේට තිබ්බ සින්ඩිය… බල්ලො කාලා. (මැශින් එකට මීයො රින්ගලාදෝ )